එන්න අප හා එක්වන්න

FIGHTING FOR A WORLD REVOLUTIONARY PARTY !!
FORWARD TO THE WORLD REVOLUTION !!!
FORWARD TO THE SOCIALISM IN SRI LANKA !!!

Wednesday, October 20, 2010

ආණ්ඩුව අධිරාජ්‍යවාදී බලවේග ඉදිරියේ පසුබසී.

යුධ කාලයේ මානව හිමිකම්, මාධ‍ය්‍ය මර්දනය, පැහැරගැනීම් සහ අතුරුදහන්වීම් යන කරුණු මුල්කර ගනිමින් බටහිර හා යුරෝපීය බලවේග වලින් එල්ල වූ විවේචන බටහිර හා යුරෝපීය බලවතුන් ගේ කුමන්ත්‍රණයක් බව ආණ්ඩුවේ පාලකයින් ප්‍රකාශ කරනු ලැබීය. මේ විදේශ කුමණ්ත්‍රණය පරාජය කිරීමට පෙරට එනලෙස දේශ ප්‍රේමී බලවේග වලින් ඉල්ලා සිටියේය. මේ කුමන්ත්‍රණ වල ප්‍රතිඵල ලෙස ජී එස් පී + නතර කිරීම,එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් බැන්කින් මූන් විසින් ලංකාව ගැන සොයාබැලීමට පත් කරනු ලැබූ කොමිටිය පත් කිරීම එම කුමන්ත්‍රණයට අවශ්‍ය පසුබිම බවද පෙන්වා දුනි. වීරවංශ ඇමතිවරයා යොදවා ගනිමින් ආරම්භ කරනු ලැබූ ඊනියා අධිරාජ්‍ය විරෝධී රංගනය තුළ එය දකින්නට ලැබුණි.


ආණ්ඩුව විසින් පසුගිය මාස දෙක තුන ඇතුළ්ත පෙන්වා දුන් ඉහත විදේශ කුමන්ත්‍රණ මේ වන විට විහිළුවක් බවට පත් වෙමින් තිබේ.

නිව්යෝක් නගරයේ පැවති 65 වන එක්සත් ජාතීන්ගේ සමුළුවට ජනාධිපතිවරයා ඇතුළු නියෝජිත පිරිස විශාල ධනස්කන්දයක් කාබාසිනියා කරමින් සතිටින් සහභාගී වූහ. ජනාධිපතිවරයා කරනු ලැබූ කතාව තුළ ලංකාව ගැනඉහත අධිරාජ්‍යවාදී බලවේග වලට සහතිකයක් ලබා දෙමින් ලංකාවට පැමිණ ආයෝජන ඇති කරන ලෙස ද සඳහන්ව තිබුණි. මෙහිදී සුදු කොටියා ලෙස යුද කාලයේ හැඳින් වූ නෝර්වේ නියෝජිත සොල්හයිම් හමුවී ඇති කර ගත් කතා බහ තුළ ද එය සඳහන් වී තිබුණි.පසුගිය අගෝස්තු මාසයේ මහා කුමන්ත්‍රණකාරී බවතා වූ බෑන්කින් මූං හමිවී ඇතිකරගත් සුහදතාවය ලංකාවේ දේශප්‍රේමී හිතවතුන්ට කනේ පහරකි.

මේ සියළු මැදිහත්වීම් තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්(IMF) සිව්වන කාර්තුවේ ණය මුදල ද ලබා ගනිමින් තිබේ. ඒ තුළ නොවැම්බර් අය වැය එම මූල්‍ය සංවිධාන වල උපදෙස් අනුව සිදුවනු ඇත.

මේ තුළ පෙනී යන්නේ ලෝක බැංකු ප්ලග් ගැලවීම කෙසේ වුවත් අධිරාජ්‍යවාදී බලවේග පිටුපස ගොස් ඕනැම කොන්දේසියක් උඩ ආධාර ලබා ගැනීමේ තැනට සංධාන ආණ්ඩුව පත්වී ඇති බවයි.

No comments:

Post a Comment