එන්න අප හා එක්වන්න

FIGHTING FOR A WORLD REVOLUTIONARY PARTY !!
FORWARD TO THE WORLD REVOLUTION !!!
FORWARD TO THE SOCIALISM IN SRI LANKA !!!

Saturday, October 16, 2010

කම්කරුවන්ගේ සැබෑ ස්වාධීන පන්ති මධ‍ය්‍යස්ථානයක් ගොඩනඟමු.

ධනපති පංතියෙන් ස්වාධීන වූ කම්කරු පන්ති මධ‍ය්‍යස්ථානයක් ගොඩනැගීම ඉලක්ක කරගෙන ඒකාබද්ධ වෘත්තීය සමිති මධ‍ය්‍යස්ථානයක් පසුගියදා ගොඩනැගුනි. දැනට අසංවිදිත කම්කරු පන්ති ව‍ය්‍යාපාරය එක් ධජයක් යටතට ගෙන ඒම ඇතුළු කරුණු රාශියක් මෙයට ඇතුළත් වේ. පසුගියදා පැවති ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිත හමුව මෙහි පළමු පියවරයි. එහිදී තීරණය කරනු ලැබුවේ සියලු වෘත්තීය සමිති මේ ඒකාබද්ධ වෘත්තීය සමිති ව්‍යාපාරය හා බද්ධකර ගැනීමට හැකි උපරිම උත්සාහයන් ගන්නා බවයි.


ඒ අනුව ඉදිරි කාලයේ සෑම වෘත්තීය සමිතියක් සමගම ඒකාබද්ධ වෘත්තීය සමිති ව්‍යාපාරය සාකච්ඡා කරනු ලැබේ. ඒකාබද්ධ සාකච්ඡා ශක්තිමත් වූ වහාම දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු නියෝජිත සමුළුවකට ගමන් කිරීම මෙහි දෙවන පියවර වනු ඇත. කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිත සම්මේලනයක් මගින් තීන්දු තීරණ ගැනීම හරහා සමස්ත කම්කරු පන්ති විශ්වාසනීයත්වය ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය වෙත හිමිකර ගැනීමට හැකිවනු ඇත.

මේ සඳහා සමස්ථ කම්කරුවන් දැනුවත් කිරීමේ සංයුක්ත වැඩ පිළිවෙලක් ද ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිත හමුවේ දී යොදාගන්නා ලදී. ද්‍රෝහී නායකත්වයේ පාවා දීම හෙළිදරව් කරමින් ධනපති රාජපක්ෂ ආණ්ඩුවේ සකලවිධ මර්දනයට එරෙහි වීමට කම්කරුවන් දැන් සිටම සූදානම් කරමු.

No comments:

Post a Comment