එන්න අප හා එක්වන්න

FIGHTING FOR A WORLD REVOLUTIONARY PARTY !!
FORWARD TO THE WORLD REVOLUTION !!!
FORWARD TO THE SOCIALISM IN SRI LANKA !!!

Saturday, October 23, 2010

කතා කළොත් කට කපනවා.

මහින්ද චින්තන ආණ්ඩුවට සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිට විරැද්ධව නැඟී සිටියහොත් දැඩි දඬුවම් ලබාදීමට රාජපක්ෂ ආණ්ඩුවේ බලධාරීන් කටයුතු යොදා තිබේ.


මේ හේතුව නිසා වර්තමාන රජයට එරෙහිව කිසිම ජනමාධ්‍යකින් ජනාධිපතිව විවේචනය කළහොත් එම විවේචනය කළ තැනැත්තාගේ කතාව විද්‍යුත් ජනමාධ්‍ය මගින් කප්පාදු කරනු ඇත. ඊට අමතරව රජයට එරෙහිව පෝස්ටර් මහින් හෝ වෙන කිසියම් හෝ විරෝධතාවයක් දැක්වුවහොත් ඔවුන් වහාම අත් අඩංගුවට ගැනීමට බලධාරීන් කටයුතු යොදනු ඇත.

මහින්ද රාජපක්ෂ ජනාධිපති උපාසක භූමිකාවක් සමාජය තුළ රඟපාමින් ප්‍රජාතන්ත්‍රවාදය වළලමින් සිය විරැද්ධවාදීන් සියළුදෙනාම යටපත් කිරීමකට සැරසෙමින් සිටියි.

අපි ජනතාව අවදිකරමු. මහින්ද පාලනයේ දෙවැනි ධූර කාලය ලාංකීය සමාජයට හෙනපතයක් වීම වැළැම්වීමට පෙරට එන ලෙස ජනතාවට හඬගා කියමු.

No comments:

Post a Comment