එන්න අප හා එක්වන්න

FIGHTING FOR A WORLD REVOLUTIONARY PARTY !!
FORWARD TO THE WORLD REVOLUTION !!!
FORWARD TO THE SOCIALISM IN SRI LANKA !!!

Wednesday, October 13, 2010

සමාජවාදී පක්ෂයට වසර 4යි. ඔක්තෝබරයේ උපත ලැබූ අපි.

සාම්ප්‍රදායික වාමාංශික ව‍ය්‍යාපාරයේ පංති සහයෝගිතා අවස්ඵාවාදී දේශපාලන පිරිහීම්වලට එරෙහි මක්ස්වාදයේ ආරක්ෂාව වෙනුවෙන් දශක 4 ක පමණ අධික කාලයක් දිවගිය ඉතිහාසය අපගේ දේශපාලන මත වාදය බිහිවීමේ අඛන්ඩත්වය හා බැදී පවතී.ධනපති පන්තියෙන් කම්කරු පන්තිය ස්වාධින කර ගැනීම සදහා (මහජන පෙරමුණු දේශපාලනය ) ගෙනගිය විසන්වාද හා සංවාද වල ප්‍රතිඵලයක් ලෙස 70 දශකයේ අග බාගය වන විට නව සම සමාජ පක්ෂය බිහිවීමද අපගෙ ඍජු දයකත්වය හා බැදේ. එම පක්ෂයේ ගමන් මග තුල 80 දශකයේ අග බාගය වන විට මතුවුනා වු දේශපාලන හැඩ ගැසීම නිසා ඈතිවූ සංවාදය තුල පක්ෂයේ සුලුතර කන්ඩායම වශයෙන්ද. 1985 සිට 1988 දක්වා ද අප පෙනී සිටියෙමු.බහුතර හා සුලුතර කණ්ඩායම ලෙස එම පක්ෂය තුල වැඩ කිරීමට තිබූ මධ‍ය්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය අපගේ දේශපාලන ගමන් මග තුල විශේෂ කැපීපෙනෙන ලක්ෂණයක් විය.



පක්ෂ නායකත්වයේ හා සුළුතර කණ්ඩායමක් ලෙස සහෝදරාත්මක පදනමකින් පක්ෂ අභ‍යන්තරයේ පෙනී සිටීම ලෙනින්වාදී බොල්ෂෙවික් සම්ප්‍රදාය බව පැහැදිලි වේ. නමුත් එම සංවාදය අවසාන වන්නේ සුළුතර කණ්ඩායම පක්ෂයෙන් ඉවත් කිරීමත් සමගය.එම තත්වය තුල 1989 වන විට මාක්ස්වාදී කම්කරු ප්‍රවනතාවය ලෙස දේශපාලන ගමන් මඟ ආරම්භ කාරනු ලැබූ අපි 1997 වන විට එක්සත් සමාජවාදී පක්ෂය ගොඩනැඟීමේ පුරෝගාමී වැඩ කොටසකට දායක වූයෙමු.

ලාංකික කම්කරු පංතියට සෙසු පීඩිත ජනතාවට මඟ පෙන්විය හැකි කේඩර්ගත පක්ෂය බවට එ.ස.ප.ය පත් කරන්නට අපි ගනු ලැබූ ප්‍රයත්නයට පක්ෂ ලේකම්ගේ අධිකාරීවාදී භාවිතාව හරස් වන්නට සිදුවීම එහි දේශපාලන සහ සංවිධාන පිරිහීමේ මූලය බවට පත්වන්නට විය. 2005 දී රාජපක්ෂ ආණ්ඩුවේ යුධවාදී හා ජාතිවාදී ක්‍රියා මර්ග වලට එරෙහි ධනපති එක්සත් ජාතික පක්ෂය සමග යුද විරෝධී පෙරමුණ හැදීමට යෝජනා කිරීමට පක්ෂ ලේකම් මධයම කාරක සභාවට යෝජනා කිරීම නිසා ඇති වූ දේශපාලන බෙදීම ගැඹුරැ සංවිධාන බෙදීම් දක්වා වර්ධනය වුනි. එම සංවිධාන බෙදීම් තුළ පක්ෂයේ ලේකම් ගේ දූෂිත චර්යාවන් හෙළිදරව් වීමඩ් දක්වා ඉදිරියට පැමිනීම නිසා අප එසපයෙන් ඉවත් කිරීමට ක්‍රියා කරනු ලැබීය. අපව පක්ෂයෙන් ඉවත් කිරීම සඳහා එම පක්ෂයේ ජාත්යන්තරයක් සඳහා වූ කොමිටියේ (CWI) නායකයාද ලංකාවට ගෙන්වා ගනිමින් ආරම්භ කරන ලද ක්‍රියාව මධය්‍යගත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය වළලා දැමීමක් ලෙස ඉතිහාසයට එකතු වී තිබේ.

පක්ෂ ලේකම්ගේ සහ ජාත්යන්තර නායකත්වයේ අධිකාරීවාදී භාවිතාවට එරෙහිව මධ‍ය්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා පක්ෂ අභ‍ය්‍යන්තරයේ අපි ගෙන යනු ලැබූ අරගලය නව දේශපාලන උපතකට අත්තිවාරම විය. 2006 ඔක්තෝබර් මාසයේ පක්ෂයේ මධ‍ය්‍යම කාරක සභාවේ 16 දෙනාගෙන් අට දෙනෙකුම ඉවත්වී අප සමඟ පැමිණීම අපගේ බිහිවීමට මුලපුරනු ලැබීය.

එම දේශපාලන පිරිහීම්වලට එරෙහි ආරම්භ කරනු ලැබූ ගැඹුරෑ දේශපාලන පසුබිම මේ වන විට 5 වන ජාත්‍යන්තරයක් ගොඩනැන්න්හීමේ අන්තර්ජාතික ඉදිරි දර්ශනයක් දක්වා වර්ධනය වෙමින් මවතී. වසර හතරක අපගේ දේශපාලන ගමන් මඟ ලාංකික දේශපාලනයේ බරපතල කම්පනයක් හා හැඩගැසීම් සිදු වූ යුගයක් තුල අපගේ පෙර දැකීම් වල නිවැරදිභාවය ඉස්මතුවී පෙනුනි. බිහිසුනු යුධවාදී සහ ජාතිවාදී පරිසරයක් තුළ උපත ලැබූ අපගේ මතවාදයට උඩුගම් බලා පිහිනීමේ අමාරු ගමනකට මුල පිරීමට සිදුවිය.

යුද්ධමය ක්‍රියා මාර්ග තුළ LTTE ව‍ය්‍යාපාරය පරාජය කර දමනු ලැබුවත් ජාතික ප්‍රශ්නය ස්වයංතීරණ අයිතිය පිලි ගනිමින් ජාතික ප්‍රශ්නය විසඳිය යුතු බවට කරනු ලැබූ දේශපාලන අවධාරනයේ නිවැරදි භාවය තවමත් වලංගු වී ඇත. යුද්ධය නිසා අවතැන් වූ දහස් ගණන් ජනයාගේ ඉරණමට විසඳුමක් සැපයීමට වත්මන් මහින්ද චින්තන පාලනය තවමත් අපොහොසත් වී ඇත. මාධ‍ය්‍ය මර්දනය හේතුකොට ගෙන ප්‍රකාශන නිදහස හා ප්‍රතිවිරැද්ධ අදහස් වලට එරෙහිව මතු වූ තහන්චි තවමත් අවසන් වී නොමැත. අප බිහි වීමේ දේශපාලන පරිසරය ප්‍රජාතන්ත්‍රවාදයේ සියළු අයිතීන් වලට මරණීය අභියෝග එල්ලවන, විවෘත දේශපාලන ක්‍රියාකාරීත්වයට ඇතුලුවීමට බොහෝ බාධක පැමිණෙමින් තිබුණි. මෙම තත්වය තුල අන්තර් ජාතික දැක්මකින් ලාංකික විප්ලවවාදී පක්ෂයේ කේඩරය ගොඩනැගීමේ ගැඹුරැ හා දුෂ්කර අභියෝගයන්ට අපි මුහුන දෙමින් සිටී. කම්කරු පන්තිය මුහුන දෙන ගැඹුරැ දුෂ්කර සමාජ පරිසරය නිසා නව පන්නයේ පක්ෂ කේඩරයක් ගොඩනැඟීම බරපතල අපහසුම කටයුත්තකි. මේ සමස්ත දුෂ්කර හා අපහසුකම් යටතේ මාක්ස්වාදයේ භාවිතාව සහ රැදී පැවතුන අපගේ ජීවිතය ඔක්තොම්බර් විප්ලවයට ලබාදුන් බොල්ෂෙවික් සම්ප්‍රදායන්ගේ අත්දැකීම් හා අන්තර් සම්බන්දයක් ඇත්තෙමු.

අද අපට පැවරී ඇත්තේ එම ඔක්තෝම්බර් විප්ලවයේ ජයග්‍රහණයන් පෙරට ගෙනයාමට ලෙනින් සහ ට්‍රොට්ස්කි විසින් ආරම්භ කරනු ලැබූ ජාත්‍යන්තරවාදී ඉදිරි දර්ශනයක් මත ජාතික තලයේ කේඩරය ගොඩනැගීම වනු ඇත. එය විශාල දාර්ශනික අභියෝගයකි. අපෝහක විධික්‍රමය මත පදනම් වෙමින් අන්තර්ජාතික දේශපාලන හා ගෝලීය අර්බුදය විග්‍රහ කිරීමට අප යොමු විය යුතු වේ. පසුගිය වසර තුල අපට දක්නට ලැබූ ධනපති ගෝලීය ධනවාදයේ අර්බුදය විසින් මාක්ස්වාදයේ පෙර දැකීම් සනාථනය කර ඇත. ඒ තුල ධනවාදයේ මිනී වළ හාරන්නා ලෙස නව කම්කරු පංතිය ජාත්‍යන්තර මඟ පෙන්වීම් සහිතව ඓතිහාසික කාර්යභාරයට මුහුණ දී සිටින්නෙමු.

No comments:

Post a Comment